Posts

සෞක්‍ය සම්පන්න සහ සමෘද්ධිමත් නිවාස සඳහා වාස්තු උපදෙස් 20 ක්

 සෞක්‍ය සම්පන්න සහ සමෘද්ධිමත් නිවාස සඳහා වාස්තු උපදෙස් 20 ක් වාස්තු විද්‍යාව මුලරම්බය ඉන්දියාව වන අතර මෙම වස්තු ශාස්ත්‍රය වසර 5000 ක් වත් පැරණි පැරණි බව සැලකේ. ‘වස්තු ශාස්ත්‍රය’ යන යෙදුමේ සත්ය පරිවර්තනය ‘ඉදිකිරීම් විද්‍යාව ’ වන අතර ඉඩම් සහ ඉදිකරන ලද ගොඩනැගිලි සඳහා කළ යුතු දේ සහ නොකළ යුතු දේ පිළිබඳ සවිස්තරාත්මක අනුවාදයක් ඉදිරිපත් කරයි. මිනිසුන් එය බොහෝ විට සලකන්නේ ගෙදර පරිසරයට ධනාත්මක බවක් ගෙන ඒමට, ආදායම් ඉපැයීමේ හැකියාව වැඩි කිරීමට සහ එහි වෙසෙන අයට යහපත් සෞකයක්  සහතික කිරීම සඳහා වූ අත් පිටපතක් ලෙසය.  එනමුත් මෙහිදී තේරුම් ගත යුතු වඩාත්ම වැදගත් දේ නම්. වස්තු විද්‍යාව නිර්මාණය කර ඇත්තේ ජීවිතය පහසු කරවමින් නිදහස් මනසකින් ජීවත් වීම සදහා අවශ්‍ය පසුබිම නිර්මාණය කර දීමටය. නමුත් වර්තමානයේ සමහර පිරිසක් මෙය අවභාවිත කිරීම තුලින් සමාජයේ අනියස බියක් නිර්මාණය කර ඇත. 

හොදින් කියවා සිතට ගන්න..දවසින් දවස අප ලගාවන්නේ මරනයටයි.මෙයින් එක පිනක්වත් කරගන්නට හිතට ගන්න.අප්‍රමාදිවන්න.

Image
මුදල් වැය නොකර සිදුකල හැකි කුසල් වර්තමානයේ ඔබ අප සෑම දෙනාටම ආර්ථික අපහසුතා ඇති නිසාත්, කුසල් කිරීමට මුදල් අත්‍යවශ්‍ය යැයි කියන වැරදි මතය සමාජගතවී තිබෙන නිසාත්, බොහෝ දෙනා කුසල් කිරීමට මැලිකමක් දක්වයි. නමුත් පහතින් දක්වා තිබෙන්නේ කිසිදු මුදලක් වැය නොකර සිදුකර ගත හැකි කුසල් සහ ඒවායේ ආනිශංස වේ. එම නිසා ඔබ සියළුදෙනා නොපමාව කුසල් රැස් කිරීමට මෙය දුටු මොහෙතේ සිට සිතට ගන්න.  තෙරුවන් සරණයි! කුසලය 1. බුදුගුණ භාවනාව වැඩීම 1. සතර අපායට පත් නොවීම. 2. නිහතමානි ගතිපැවතුම් ඇතිවීම. 3. ලෝකයාට ප්‍රියමනාපවීම.     4. බෝහෝ කොට සිව්පස ප්‍රත්‍ය ලැබීම. 5. අධි කුසලයට සිත නැඹුරුවීම. 6. මරණයට නොබියව මුහුණදීම. 7. මේ ජීවිතයේ මගඵල නොලැබුනේ නම් ඒකාන්තයෙන්ම සුගති පරායන වීම. 2. නිවැරදිව පන්සිල්/ අටසිල් සමාදන් වීම 1. සිල්වත් ශ්‍රාවකයා නොපමා බව නිසා බොහෝ බෝග ලබයි. 2. සිල්වත් ශ්‍රාවකයා පිළිබදවූ කීර්තිරාවයක් උස්ව නැගේ. 3. සිල්වත් ශ්‍රාවකයා යම් පිරිසක් වෙත එළඹේද හෙතම විශාරදවම එළඹේ.      4. සිල්වත් ශ්‍රාවකයා සිහි මුලා නොවී කළුරිය කරයි.   5. සිල්වත් ශ්‍රාවකයා මරණින් මතු සුගතිගාමී වේ. 3. සිද්ධස්ථාන ඇමදීම 1. උපදින උපදින ජාතියේ