හොදින් කියවා සිතට ගන්න..දවසින් දවස අප ලගාවන්නේ මරනයටයි.මෙයින් එක පිනක්වත් කරගන්නට හිතට ගන්න.අප්රමාදිවන්න.
මුදල් වැය නොකර සිදුකල හැකි කුසල් කුසලය 1. බුදුගුණ භාවනාව වැඩීම 1. සතර අපායට පත් නොවීම. 2. නිහතමානි ගතිපැවතුම් ඇතිවීම. 3. ලෝකයාට ප්රියමනාපවීම. 4. බෝහෝ කොට සිව්පස ප්‍රත්‍ය ලැබීම. 5. අධි කුසලයට සිත නැඹුරුවීම. 6. මරණයට නොබියව මුහුණදීම. 7. මේ ජීවිතයේ මගඵල නොලැබුනේ නම් ඒකාන්තයෙන්ම සුගති පරායන වීම. 2. නිවැරදිව පන්සිල්/ අටසිල් සමාදන් වීම 1. සිල්වත් ශ්රාවකයා නොපමා බව නිසා බොහෝ බෝග ලබයි. 2. සිල්වත් ශ්රාවකයා පිළිබදවූ කීර්තිරාවයක් උස්ව නැගේ. 3. සිල්වත් ශ්රාවකයා යම් පිරිසක් වෙත එළඹේද හෙතම විශාරදවම එළඹේ. 4. සිල්වත් ශ්රාවකයා සිහි මුලා නොවී කළුරිය කරයි. 5. සිල්වත් ශ්රාවකයා මරණින් මතු සුගතිගාමී වේ. 3. සිද්ධස්ථාන ඇමදීම 1. උපදින උපදින ජාතියේ අංග ප්‍රත්‍යංග සම්පූර්ණ වීම. 2. උස මහතින් යුක්තවීම. 3. ශරීර වර්ණවත්වීම. 4. සම සිනිදුවීම. 5. ජනප්‍රිය වීම. 6. දීර්ඝායුෂ වීම. 7. ශරීරය ශක්තිමත් වීම. 8. සුදු කබර, වායු ගෙඩි, ඉනි ගැට, සුදු ලප, කළු ලප, කුරුලෑ, අළුහන්, තොල් අතුල් පතුල් පැලීම සහ සම ඉරිතැලීම යන මේ රෝග නොහට ගැනීම. 4. මල්පූජා කිරීම 1. සුගති භවයන්ගේ උප්පත්තියකට හේතුවීම. 2. බොහෝ දෙනාට ප්‍රිය අයකුවීම. 3. දුටුවන් වශීවන රූප ස්වභාවයෙන් යුක්තවීම. 4. සිත එකග කර ගැනීමට හැකිවීම. 5. ප්‍රාර්ථනා පරිදි නිවනට හේතුවීම. 5. මාපියන් පිදීම 1. සත්පුරුෂයන්ගේ ප්‍රශංසාවට පත්වීම. 2. මරණින් මතු සුගති පරායනය වීම. 3. කරදර වලින් නිදහස්වීම. 4. ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා යන පංච ධර්ම ලැබීම. 6. පහන් පූජා කිරීම 1. උපනූපන් තැන හොද ඇස් ලැබීම. 2. ශරීර කාන්තිය ලැබීම. 3. දිවැස් ලැබීම. 7. බුදුරදුන්ට පැන් පූජා කිරීම 1. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, පිරිවරින්, ආධිපත්‍යයෙන්, ශබ්දයෙන්, ගන්ධයෙන්, රසයෙන්, ස්පර්ශයෙන් යන කරුණු වලින් දෙව්ලොවදී අන් දෙවියන් ඉක්මවා සිටීමට අනුහස් ලැබේ. 8. තමා රැස්කර ගත් කුසල් අන් අයට අනුමෝදන්කරවීම. (ප්රාප්තිදානුමෝදනා) 1. මේ ජන්මයෙහිම සත්පුරුෂයෙක් ය, කෙළෙහිගුණ දන්නෙක් ය යන ආදී වශයෙන් සත්පුරුෂ ප්‍රශංසා ලැබීම. 2. මරණින් මතු සුගති සම්පත් ලැබීම. 3. තමන්ට අයත් යුතුකමක් සිදුකිරීමෙන් ලැබෙන නිරාමිෂ ප්‍රීතිය. 9. අනුන් අනුමෝදන් කරවන, දෙන පිං සතුටින් පිළිගැනීම. (පත්තානුමෝදනා) 1. මේ ජන්මයෙහිම ඊර්ෂියා, මානාහංකාර අඩු වූවකුවීම. 2. නිරාමිෂ ප්‍රීතියෙන් ප්රීතිවන්නකුවීම. 3. මරණින් මතු සුගති සම්පත් ලැබීම. 4. උපනූපන් තන්හිආයු වර්ණ සැප බල ප්‍රඥා යන මොවුන්ගෙන් සම්පූර්ණවීම. 10. දවසට එක් ධර්ම දේශණාවක් හෝ ශ්‍රවණය කිරීම . 1. මේ ජන්මයෙහිම මාගඵල අවබෝධයක් නොවූවත් දෙලොව දියුණුවට හේතුවන නොදන්නාදේ දැන ගැනීමට, 2. දන්නා දේ තවත් පිරිසිදුකර ගැනීමටත් 3. සැක තැන් නැතිවීම. 4. තමාගේ දෘෂ්ඨිය පිරිසිදුවීම. 5. තමාගේ සිත ප්‍රසන්නවීම. 6. මරණින් මතු සුගති සම්පත් ලැබීම. 7. උපනූපන් තන්හි යුතු අයුතු හා තිලකුණු වැටහෙන ඥාණවන්තයෙකුවීම. 11. තමා දන්නා ධර්ම කරුණු අන් අයට කියාදීම. 1. මරණින් මතු සුගති සම්පත් ලැබීම. 2. උපනූපන් තන්හි ඥාණවන්තයෙකුවීම. 3. කන්කළු වචන ඇත්තෙකුවීම. 4. බොහෝ දෙනාට ප්‍රියවීම. 5. අන්තිම ජාතියෙහි චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධයට පහසුවීම. 12. තමා ආහාරයට ගැනීමට පෙර යම් කොටසක් තිරිසන් සතුන් වෙනුවෙන් ලබාදීම ආත්ම භව 100 ක ආනිශංස ලැබේ. 13. උණු ජලය ඉවතලෑමේදී ඇසට නොපෙණෙන කුඩා සතුන් විනාශවේයැයි හැගීමෙන් එය නොකර සිටීම. ප්‍රාණගාතයෙන් වැලකී සිටිමේ ආනිශංස ලැබේ. 14. සෝදා ඉවත්කරන ඉදුල් භාජන වල ඇති ඉතා කුඩා ආහාර කැබලි කුඩා සතුන්ට ආහාරයන් වේයැයි ප්‍රාර්ථනා කිරීම ආත්ම භව 100 ක ආනිශංස ලැබේ. 15. අතීතයේ සිදුකරනු ලැබූ පිංකම් නැවත සිහි කිරීම. 1. කල කුසල් බලවත් කිරීමේ ආනිශංස ලැබේ. 16. මෛත්‍රී භාවනාව වැඩීම 1. සැපසේ නිදයි. 2. සැපසේ අවධිවීම. 17. දිනපතා බුද්ධ පූජාව තැබීම මෙලොව යහපත හා පරලොව සුගතිගාමි වීම. විශේෂ කරුණ: තෙරුවන් සරනයි ..
|
Comments
Post a Comment