හොදින් කියවා සිතට ගන්න..දවසින් දවස අප ලගාවන්නේ මරනයටයි.මෙයින් එක පිනක්වත් කරගන්නට හිතට ගන්න.අප්රමාදිවන්න.
මුදල් වැය නොකර සිදුකල හැකි කුසල් වර්තමානයේ ඔබ අප සෑම දෙනාටම ආර්ථික අපහසුතා ඇති නිසාත්, කුසල් කිරීමට මුදල් අත්‍යවශ්‍ය යැයි කියන වැරදි මතය සමාජගතවී තිබෙන නිසාත්, බොහෝ දෙනා කුසල් කිරීමට මැලිකමක් දක්වයි. නමුත් පහතින් දක්වා තිබෙන්නේ කිසිදු මුදලක් වැය නොකර සිදුකර ගත හැකි කුසල් සහ ඒවායේ ආනිශංස වේ. එම නිසා ඔබ සියළුදෙනා නොපමාව කුසල් රැස් කිරීමට මෙය දුටු මොහෙතේ සිට සිතට ගන්න. තෙරුවන් සරණයි! කුසලය 1. බුදුගුණ භාවනාව වැඩීම 1. සතර අපායට පත් නොවීම. 2. නිහතමානි ගතිපැවතුම් ඇතිවීම. 3. ලෝකයාට ප්රියමනාපවීම. 4. බෝහෝ කොට සිව්පස ප්‍රත්‍ය ලැබීම. 5. අධි කුසලයට සිත නැඹුරුවීම. 6. මරණයට නොබියව මුහුණදීම. 7. මේ ජීවිතයේ මගඵල නොලැබුනේ නම් ඒකාන්තයෙන්ම සුගති පරායන වීම. 2. නිවැරදිව පන්සිල්/ අටසිල් සමාදන් වීම 1. සිල්වත් ශ්රාවකයා නොපමා බව නිසා බොහෝ බෝග ලබයි. 2. සිල්වත් ශ්රාවකයා පිළිබදවූ කීර්තිරාවයක් උස්ව නැගේ. 3. සිල්වත් ශ්රාවකයා යම් පිරිසක් වෙත එළඹේද හෙතම විශාරදවම එළඹේ. 4. සිල්වත් ශ්රාවකයා සිහි මුලා නොවී කළුරිය කරයි. 5. සිල්වත් ශ්රාවකයා මරණින් මතු සුගතිගාමී වේ. 3. සිද්ධස්ථාන ඇමදීම 1. උපදින උපදින ජාතියේ