ඩෙල්ටා ප්‍රභේදයෙන් බේරෙන්න ක්‍රමයක් තියනවා! සම්පුර්ණ ලිපිය කියවන්න
මට හැදෙන්නෑ! අපේ අය ගෙදර, එයාලට හැදෙන්නෙත් නෑ! එහෙනම් මේ හැදුන ඔක්කොම එලියේ ඇවිද ඇවිද පාටි දාපු අයද? නෑනෙ, මේකෙන් බේරෙන්න එන්නතක් එනකන් කරන්න තියෙන්නෙ එකම දෙයයි. ස්වයංවිනයක් ඇතිව පරෙස්සම්වීම හා ගෙදරින් පිටත සිට covid වයිරසය, ගෙදරට නොගෙන සිටීම. ඉතින් අපි හැමදේම දන්නවනේ, තවත් මොනවා කියන්නද? එහෙමනේ හිතෙන්නෙ! ඒක හරියට විභාගයක් තියනවා මම ඔක්කොම දන්න නිසා පාඩම් කරන්නැතුව ලියලා විහින් ෆේල් වෙනවා වගේ දෙයක්. Update වීම පරන පාඩම් ආවර්ජනය කිරීම වගේම මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඔබ හිතනවාට වඩා දැන් අනුගමනය කරන්න වෙනවා. නැත්තන් ලංකාව ඉන්දියාව තත්වයට වැටුනොත් ඔබත් වගඋත්තරකරුවෙක් වීමට වග බලාගන්න. කම්මැලි නැතුව අකුරක් නෑර කියවන්න.
මාස්ක් එක: මේක නහයේ, නිකටේ කටේ නැතුව හොදට නහය කට දෙකම ආවරණය වන පරිදි පලදින්න(ඒ සම්බන්ධ නිවැරැදි videos බලන්න). නිවැරැදි ප්‍රමිතියකින් යුත් මාස්ක් එකක් පලදින්න. දැන් නන් අනිවාර්යයෙන් face shield එකක් පලදින්න බොරු සෝභන පැත්තකින් තියලා. මේ මාස්ක් එක විටින් විට මිනිස්සු සකස් කරන්න්නෙ, ගලවන්නෙ, දාන්නෙ මැදින් අල්ලලා, ඉතින් මොකද මගේ මාස්ක් එකනෙ කියන්න එපා. එතන තමා විශබීජ හොදින්ම රැදෙන්නෙ. ඉතින් එතන අල්ලලා හැම තැනම ඇල්ලුවම කෝවිඩ් වයිරසය තිබුනොත් හත් පොලේ ගාගන්නවා මදිවට ලූනු, තක්කාලි තෝරලා, දොරවල් වල , විවිධ තැන්වල ගාලා අනිත් මිනිස්සුන්ටත් බෝ කරනවා. තමන් ගැන නෙවේ අනුන් ගැන හිතන්නකො හැම වෙලේම, එතකොට අපිත් හැමෝමත් හොදින්. කතා කරද්දී මාස්ක් එක ගලවන්න ඕන නෑ,හොදට ඇහෙනවා කතා කරන එක. ඒ නිසා මාස්ක් මැදින් අල්ල අල්ල ගලවන්න එපා. ගලවද්දී දෙපැත්තෙ පටි දෙකෙන් අල්ලලා ගලවන්න දාන්න. ගලවලා තැන්තැන් වල දාන්නැතුව ආය පාවිච්චි කරනවනන් ඇතුල් පැත්තට නමලා දාගන්න වෙනම පොඩි මල්ලක් තියාගන්න. අතහෝදගන්න නැත්තන් sanitizer පාවිච්චි කරන්න . විසි කරන්වනන් බිමයි, හැම තැනම දාන්නැතුව මිනිස්සු ගැවසෙන අඩු පියන වැසෙන බින් එකකට දාන්න නැත්තන් මල්ලකට දාලා ගැටගහලා විසිකරන්න . ගෙදර ගිහින් අම්මා ඉන්න කුස්සියේ open bin එකට දන්නෙ නැතුව. තව ඇති හොයාගන්න විස්තර, අනිත් අය වෙනුවෙන්, රට වෙනුවෙන් නිකන් ෆෝන් එක ඔබ ඔබ ඉන්න වෙලාවටවත්. චීනයේ හා දැනට හොදින් මර්ධනය කරගෙන යන රටවල් වල මිනිස්සු ගොඩක් කැපවුනා, පහත පින්තූර බලන්න, එහෙමම කරන්න බෑනේද එහෙනම් මාස්ක් එකත් face shield එකත් දෙකම පලදින්න පුලුවන්නන් අඩුම තරමේ.
පිට ගින්දර ගෙට එපා:
අත හෝදගන්න දන්නවනේ, ඒකත් හිතරවටගෙන බෑ තත්පර 20 අඩුම. ගෙදරට ආව ගමන් සපත්තු යට විෂබීජහරනය කරගන්න ඩෙටෝල් වගේ දියරක් දාපු පාපිස්සක් භාවිතා කරන්න, ගලවලා ගෙයින් පිට තියන්න තැනක් හදාගන්න. වියදම් කරන්න පුලුවන් නන් Sanitizer ලොකු spray bottle එකක් ගන්න,ප්‍රමිතියකින් යුතු sanitizer ලොකු can එකක් ගන්න ඒක ලාභයි පොඩි පොඩි බොතල් ගන්නවට වැඩිය(පහත රෑප බලන්න).4L ක් Rs.4250 වගේ වෙන්නෙ, ඒක ලාභයි වෙන්න යන පාඩුවලට වඩා. ඒකෙන් පොඩි ඒවා refill කරගන්නත් පුලුවන්. මගුල් ගෙයක් වුනොත් තියන දෙයක් හරි විකුනලා උජාරුවට යන ජාතියක්නෙ අපි, ඉතින් මේ විෂබීජනාශක, මාස්ක් වගේ දේවල් වලට යන පොඩි පොඩි වියදම් වලට ලෝබ වෙන්න එපා, පාවිච්චි නොකොලොත් අවමගුලක් උනත් වෙන්න පුලුවන්. ඉතින් ඒ ලොකු spray එකෙන් ඕනනන් සපත්තු අඩි, ගෙනාපු ගමන් මලු, ඔරලෝසු වගේ ඒවා විෂබීජහරනය කරගන්න පුලුවන් . තද අව්ව තියනවනන් පැය කීපයක් අව්වේ තියන්නත් පුලුවන් . තව ක්‍රම ඇති දන්නවනන් හැමෝම දැනුවත් කරන්න ක්‍රියාත්මක වෙන්න.
මුදල්: මේ මුදල් කීදෙනෙක් අතට යනවද? පරීක්ෂණ මගින්ම හොයාගෙන තියනවා මේවා මගින් කෝවිඩ් වයිරසය පැතිරෙන්න පුලුවන් කියලා. මුදල් හුවමාරු කල සැනින් අත්සෝදන්න. ගෙදරට ගෙනෙන මුදල් iron කර භාවිතා කරන්න, නැත්තන් තද අව්වේ පැය කීපයක් තියන්න. මෙහෙම කියුවම අඹගස් සෙවනේ තියලා හිතසනසන් ගෙට ගන්න එපා, කියන දේ තේරුම් ගන්න. මා දන්නා තරමින් අඩුම ගන්නේ centigrade 50 වත් රත් වෙන්න ඕන වයිරසය මිය යන්න.සමහරු sanitize කරනවා, මම දන්නෑ එයින් සල්ලි කොලේට හානි වෙනවද කියලා .හොයන්න. වැරදෙන කොට හිනාවෙනවට වඩා හරිදේ සොයලා දැනුවත් කිරීම වටිනවා. මේක මගෙයි මගේ පවුලෙයි ප්‍රශ්නයක් නෙවේ, ගෝලීය ප්‍රශ්නයක් . ශරීරය සබන් ගා තත්පර 20 සිට සෝදාහරින්න. ඇදුම් ආ විගස සබන් සේදුම් දියරට දමා අවශ්‍ය ගිමන් ඇර සෝදන්න. අතත් හෝදාගන්න.තමන්ට හිනා ගියාට ගෙදර කෙනෙක්ට කෝවිඩ් ගෙනත් දුන්නොත් විදවන්න වෙන්නෙත් තමන්මයි.
ගෙදරට ගේන බඩු: කන බොන දේවල්, උයන පිහන බඩු ගත්තොත් ඒවා තියෙන්නේ කොහෙද? රාක්කවල, බිම (ලූනු, පොල් ,මුලදි). ඒවා කීදෙකෙන් මාස්ක් එක අතගගා අතපත ගානවද, ඉතින් ඒවා ගෙදර ගෙනත් අම්මට දුන්නම හරියනවද? මේ උගත්යැයි කියන මිනිස්සුත් කරන දේවල් නොකරන අයට හිනා වෙවී. ඊට පස්සෙ ආන්ඩු වලටයි, වටේ පිටේ මිනිස්සුන්ටයි බැන බැන ජීවත් වෙනවා. ඇදුම් කීදෙනෙක් ඇදලා බලනවද? ඒවා මහද්දී කී පාරක් බිම වෙටෙනවද, රෙදිරෝල් තියෙන්නෙ බිම, කීදෙකෙන් අතට ගිහින්ද ඇදුම් අපිට එන්නෙ. ඉතින් කෝවිඩ් නැති කාලේ උනත් ඇදුමක් ගත්තවහාම සෝදලා අදින්න පුරුද්දක් කරගන්න. ඉතින් ගෙදරට බඩු ගෙනාවා කියමුකෝ, ගිහින් පුටු උඩයි, ඇදන් උඩයි, මේස උඩයි දාන්න එපා. පුලුවන් නන් ගෙදරින් මලු රැගෙන යන්න. ප්ලාස්ටික් භවිතයත් අඩු වෙනවා. ගේන බඩු එලියෙන් තියලා තෝරලා එකින් එක ගන්න. සබන් යොදා සෝදන්න(තත්පර 20 ඒකටත්) පුලුවන් ඒවා කෙලින්ම sink එකට හෝ වෙනයම් ස්තානයකට ගිහින් සෝදන්න(එළවළු පළතුරු උනත් පුලුවන් ) . බැරි දේවල් තද අවුවේ තියන්න, පුලුවන් කමක් ඇත්නම් කලින් සදහන් කල sanitizer ලොකු spray එකෙන් පිටකවර වගේ ඒවට ගහන්න. ළූනු වගේ ඒවා සෝදන්න බෑනෙ, තද අවුවේ වගේ ටිකක් තියලා වැඩිය නොගැවසෙන තැනක තියලා තියන්න. ගෙනාපු මලු ගෙදර එලියේ ඇති කසල බදුනට දමන්න සේදිය හැකි මලු සබන් යොදා සෝදන්න.අමාරුයි හැබැයි කෝවිඩ් හැදුනොත් මාරන්තික වෙන්න පුලුවන් .දෙකෙන් එකක් තෝරගන්න . හරි දැන් උයන්න ලූනු ගද්දී chopping board එක උඩ තියලා විශ්බීජ ඔක්කොම ඒකට දීලද සුද්ද කරන්නෙ දෙකට එහෙම කපලා. අවශ්‍ය ලූනු වෙනම සුද්දකරගන්න කපන ලෑල්ලේ සියල්ල කරන්නැතුව, සැලඩ් එකකට ඊලගට එලවලු කැපුවොත් විශබීජ ඔක්කොම ඒකෙ.වහන කසල බදුනකට පොතු දාලා පිහියත් භාජනයත් සබන් යොදා සෝදන්න.
ලියුම්: ගෙදරට ලියුම් එනවා, පෑන් ලැබෙනවා ඒවගෙන් ලියාපදිංචි තැපැල් ලියුම් අස්සන් කරනවා, වතුර බිල, ලයිට්,බිල් ,කුරියර් බඩු ගන්නවා අත්සන් කරනවා. ඊලගට ගෙදර අයට කෝවිඩ් දීලා ආය TV බලනවා ,එහෙමනෙ වෙන්නෙ. ලේසියි පහසුයි. ගෙවල් වල මිනිස්සු මාස්ක් දාන්නේ නෑ, නහය කට හැම තිස්සෙම අල්ලන බව මතක තියාගන්න . ඔය ඉහත සදහන් කල දේවල් ගත්තගමන් අවශ්‍ය ලිපි අයන් කරන්න නැත්තන්,තද අවුවක් තියනවනන් විතරක් බරක්තියලා එලියේ තියලා තියන්න පැය කීපයක් . අතහෝදගන්න ඔය මොන දේ ගත්තත් පසුව. අපේ පැත්තේ කෝවිඩ් නෑ, කියන්න බෑ ඔය හැදුන අයත් එහෙම තමා හිතාගෙන හිටියේ.
කාර්යාලවල: තරහා වෙයි කියලා පාටි දන්නවත්, එකට කන්නවත් ඕන නෑනේ මේ දවස් වල. මොකද එහෙම නොකලා කියලා මැරෙන්නෑ, නමුත් කෝවිඩ් හැදුනොත් මරණ තරජනයක් තියනවා . මීටරේ පරතරේ තියාගන්න. දොරවල්, ලිෆ්ට් සහ වෙනත් පොදු උපකරණ පාවිච්චි කල විගස අත සෝදාගන්න.තව ඇති සදහන් කරන්න .
වාහන: තමන් පෞද්ගලික වාහනයක් පාවිච්චි කරනවන්න් sanitizer බෝතලේ ළග(සාක්කුවේ හෝ අතේ) තියාගෙන පිටතට යන්න. ආපහු වාහනයට ඇතුල්වන්න ප්‍රථම sanitize කරගන්න අත්දෙක, හැඩලය, සුක්කානම, ගියරය අල්ලන්න කලින්. යාලූවෝ දාගෙන යනවනන් මාස්ක් දාලා, අත් sanitize කරලා නන්වා ගන්න. විෂබීජ පිටින් හැමතිස්සෙම sanitizer එක අල්ලන නිසා විටින් විට එහි පිටතත් හැමතැනම ගෙනියන තබන ෆෝන් එකත් ටිශූ එකකට පොගවාගත් sanitizer හෝ වෙනත් විෂබීජහරන දියරයකින් පරෙස්සමෙන් පිරිසිදු කරගන්න. ගෙදර අය අත්‍යවශ්‍ය දේකට වාහනෙන් පිටත රැගෙන යන්න කලින් වාහනයේ,කාපට්, සීටි, ඇක්සලරේටරය, බේරේක් විශබීජහරනය කරගන්න. කොහොමත් විටින් විට වාහනය තුල පිරිසිදු කරගන්න. ගේ ඉස්සරහම ගරාජයක් නොමැති විට park කරනවන්, වාහනය නොමැතිවිට දරුවන් ඒ ආශිතව සෙල්ලම් කරන ස්තානයක් නම්, එම ස්ථානද වාහනය නොමැති විට විෂබීජහරන දියරයකින් සෝදන්න(ටයර් රට පුරා යන නිසා).
මේ ටික ලියුවේ අපිනන් ගෙදර අපෙන් කාටවත් කරදරයක් නෑ කියලා හිතාගෙන නොදැනුවත්ව කෝවිඩ් බෝකරගන්නා අය සමාජයේ සිටි බැවිනි. මෙච්චර බෝ උනේ හරියට ආරක්ෂා වුනේ නැති නිසායි. නොදන්නා අය දැනුවත් කරන්න, තවදන්නා අය අමුණන්න. මේ හැමදේම කරලත් කෝවිඩ් වැලදුනොත් මේක ලියපු කෙනාගේ සුල මුල ආමන්ත්‍රණය සදහා සොයන්න එපා, ඔබ අවට ඉන්න ඒවා අනුගමනය කලේ නැති අයව ආදරෙන් දැනුවත් කරන්න මේ දේවල් පිලිබදව.
ස්තුතියි!
Comments
Post a Comment